Search

වික්ටෝරියා සෞඛ්‍ය ප්‍රතිසංස්කරණයට විපක්ෂයේ චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ රහසිගත සැලසුම් විපක්ෂය විසින් දැඩිව හෙළා දැක තිබෙනවා.

ඡායා කැබිනට්ටුවේ සෞඛ්‍ය අමාත්‍ය ජෝර්ජි ක්‍රොසියර් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කරමින් සිටින බවත් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවාවන් බලහත්කාරයෙන් ඒ සඳහා එකාබද්ධ කිරීමට සුදානම් බවයි.

මෙලෙස ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා ඒකාබද්ධ කිරීමෙන් වික්ටෝරියා ජනතාවට සිදුවන බලපෑම ඉහළ යනු ඇතැයි විපක්ෂය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මාස කිහිපයක් පුරා වික්ටෝරියා සෞඛ්‍ය සේවාවන්හි ප්‍රධාන විධායක නිලධාරීන් හා විශේෂඥ උපදේශන කමිටු සිදුකළ සාකච්ඡාවලින් හෙළිව ඇත්තේ වික්ටෝරියා හි සෞඛ්‍ය සේවා 76ක් බලහත්කාරයෙන් ඒකාබද්ධ කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක බවයි.

කෙසේ වෙතත් මේ පිළිබද කිසිදු නිල ප්‍රකාශයක් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් මෙතෙක් සිදු කර නැහැ.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »