
මෙල්බන් අගනුවර පොදු ප්‍රවාහන සේවා ගැටලු විසදීමේ අරමුණින් යෝජිත නව පොදු ප්‍රවාහන බස් සේවා පද්ධතිය තවදුරටත් ප්‍රතිසංස්කරණය කළ යුතු බව හඳුනාගෙන තිබෙනවා.
නව බස්රථ සේවාවන්, ධාවන වේලාවන් සහ එහි නැවතුම් වාර සංඛ්‍යාව මෙන්ම නැවතුම් ස්ථාන සම්බන්ධයෙන් පවතින ක්‍රමවේද තවදුරටත් පුලුල් කල යුතු බවයි අනාවරණය වී ඇත්තේ.
මේ අතර ජනගහනය වැඩි තදාසන්න ප්‍රදේශයන්හී බස් සේවා තවදුරටත් පුලුල් කිරීම සහ පොදු ප්‍රවාහන ගාස්තු පහළ දැමිය හැකි ආකාරය සොයා බැලීමට ද නිර්දේශ වී තිබෙනවා.

නිවෙස් පරිශ්‍ර ආශ්‍රිත බස් නැවතුම් ස්ථාපනය කිරීම මගින් කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් මෙල්බන් නගරය තුළ ව්‍යාප්ත කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව සඳහන්.
පවතින ජීවන වියදම හමුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා පොදු ප්‍රවාහන සේවා සහන මෙමගින් අත්වනු ඇති.
