
ඔස්ට්‍රේලියාවට හිරු නැගීම සහ බැසීම අතර වැඩිම කාලයක් ගතවන දිනය අද බවයි කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.
ප්‍රාන්ත රැසක ජනතාවට ඒ අනුව දිගු දිවා කාලයක් අත්විඳීමේ හැකියාව ලැබෙන බවයි සඳහන්.
වැඩිම කාලයක් හිරු එළිය පවතින්නේ හොබාර්ට් නගරයටයි.

එහි පැය පහළවයි විනාඩි විසි එකක් දිවා කාලය පැවතීමට නියමිතයි.
මෙල්බන් වැසියන්ට පැය 14යි විනාඩි 48ක දිවා කාලයක් හිමිවන බවයි කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.

කැන්බරා, සිඩ්නි සහ ඇඩිලේඩ් දිවා කාලය පැය දාහතරහමාරකට ආසන්නයි.
ඩාවින්හි පැය දහතුනක් ද, බ්‍රිස්බේන් හා පර්ත් වල පැය 14 කට ආසන්න දිවා කාලයක්ද පවතිනු ඇති.