Search

විදේශ සිසුන් සහ භාරකරුවන්ගේ වීසා සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛත්වය

විදේශ සිසුන් සහ ඔවුන්ගේ භාරකරුවන් සම්බන්ධ වීසා ලබාදීමේ ක්‍රියාවලිය සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍ර සංවර්ධන ක්‍රියාවලිය යටතේයි, මෙම ප්‍රමුඛත්ව වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නෙ. 

ඔස්ට්‍රේලියාවේ ඉගෙනීමට කැමති විදේශ සිසුන්ට වීසා ලබාදීමේදී සාධක කිහිපයක් සැලකිල්ලට ගන්නා බවත් සඳහන්.

විදේශවල සිට පැමිණ ඔස්ට්‍රේලියාවේ ඉගෙනීම සඳහා අවස්ථා රැසක් මේ යටතේ පවතින බවයි ඔස්ට්‍රේලියා රජය පෙන්වා දෙන්නේ. 

පාසල් ක්ෂේත්‍රය, විදේශ හෝ ආරක්ෂක ක්ෂේත්‍රය සහ පශ්චාත් උපාධි පර්යේෂණ  ක්ෂේත්‍රයේ වීසා අපේක්ෂා කරන්නන්ට මේ යටතේ ප්‍රමුඛත්වය හිමිවනු ඇති. 

ඊට අමතරව වෙනත් උසස් අධ්‍යාපන අවස්ථා, විදේශ සිසුන් සඳහා වූ ඉංග්‍රීසි භාෂා පාඨමාලා, වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු අවස්ථා ආදිය ද වීසා නිකුත් කිරීමේ ප්‍රමුඛ සාධක බවයි රජය පෙන්වා දෙන්නේ.

ප්‍රමුඛත්වය ලබා දෙන සියලු ක්ෂේත්‍රවල සිසුන්ගේ භාරකරුවන් සඳහා වීසා නිකුත් කිරීමද ප්‍රමුඛ වන බවද සඳහන් වෙනවා.

ඊට අමතරව ද්විතියික අයදුම්පත් වන, සහකරු, දරුවන් ආදීන් වෙනුවෙන්ද වීසා නිකුත් කිරීමට ඔස්ට්‍රේලියාව ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කර තිබෙනවා.

 

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »