Search

නවසීලන්ත සාමාන්‍ය වැටුප ස්ථාවරව

බලපත්‍ර ලාභී ආයතනවල රැකියා වීසා යටතේ සේවය කරන්නන්ගේ සාමාන්‍ය වැටුප ස්ථාවරව පවත්වා ගැනීමටයි නවසීලන්තය තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව දැනට බලපත්‍ර ලාභී ආයතන වීසා යටතේ සේවය කරන්නන්ට ගෙවන මුදල පැයකට නවසීලන්ත ඩොලර් විසි නවයකට මදක් වැඩියි.

එය ඉදිරියේදී ද ඒ ආකාරයෙන්ම පවතින බවයි නවසීලන්තය පවසන්නේ.

එහෙත් පුහුණු ශ්‍රමික වර්ගීකරණය යටතේ සහ දෙමාපිය වර්ගීකරණය යටතේ නවසීලන්තයේ සේවය කරන විදේශිකයන් සඳහා ලබන වසරේ පෙබරවාරි සිට සාමාන්‍ය වැටුප වැඩි කෙරෙනවා.

එය පැයකට නවසීලන්ත ඩොලර් තිස්‌එකයි දශම හයයි හයක් බවයි නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් පවසන්නේ.

බලපත්‍ර ලාභී ආයතනවල වීසා යටතේ සේවය කරන්නන්ගේ වැටුප් සම්බන්ධ යෙන් නව තීරණයකට එළඹීමට රජය සූදානම්. 

එතෙක් වැටුප් වැඩිවීම තාවකාලිකව අත්හිට වූ බවයි වාර්තා වන්නේ.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »