ඔස්ට්‍රේලියා ජාතිකයන් නත්තල් වියදම් පාලනයක

නත්තල් සමයේදී වියදම් සම්බන්ධව ඔස්ට්‍රේලියා ජාතිකයන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව හෙළිවුණා.

එන්.ඒ.බී කළ සමීක්ෂණයේ දී තහවුරු වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සියයට 60 ක් වියදම් පාලනය කර ඇති බවයි.

උද්ධමනය වැඩිවීම නිසා ආර්ථීක අර්බුදවලට බොහෝ පිරිසක් ලක්ව තිබීම ඊට හේතුව බවත් හෙළිව තිබෙනවා. 

වසර පුරා පොලි අනුපාතික විවිධ අවස්ථාවල වැඩිවීමෙන් ජීවන වියදම දැඩි ලෙස ඉහළ ගොස් තිබෙන බවත් සමීක්ෂණය සිදු කළ කණ්ඩායම පෙන්වා දෙනවා. 

ඒ නිසා ඔස්ට්‍රේලියාවේ බොහෝ පිරිසක් භාණ්ඩ පරිභෝජන රටාව වෙනස් කර ඇති බවයි සඳහන්. 

මීට පෙර වාර්තා වූයේ ප්‍රතිචක්‍රීයකරණය කරන ලද හෝ වරක් භාවිත කළ භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රවණතාව  ඔස්ට්‍රේලියාවේ වැඩි වී ඇති බවයි.

 

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »