ටොයොටා මෝටර් රථ 250 ක් නැවත කැඳවීමට පියවර

ඔස්ට්‍රේලියාවේ අලෙවි කරන ලද මෝටර් රථ 250 ක් නැවත කැඳවීමට ටොයොටා සමාගම  තීරණය කර තිබෙනවා.

ඒ නිෂ්පාදනයේදී සිදුවූ වරදක් නිසා බවයි වාර්තා වෙන්නේ.

ප්‍රකාශයට පත් කළ ප්‍රමාණයට වඩා පෙට්‍රල් දැවී යාම ප්‍රධානතම සාධකය බව හෙළිව තිබෙනවා. 

ඒ අනුව 2012 ඔක්තෝබර් සිට 2023 අප්‍රේල් දක්වා අලෙවි කරන ලද යාරිස් ක්‍රොස් හයිබ්‍රිඩ් SUV රථවාහන නැවත කැඳවීමයි අරමුණ.

මෝටර් රථ ක් දෙසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් නැවත කැඳවන බවයි වාර්තා වෙන්නේ.

ඔස්ට්‍රේලියා ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියා සිටින්නේ ආරක්‍ෂාව සම්බන්ධ සාධකයක් මත නොව, ඔස්ට්‍රේලියාවේ කොන්දේසි වලට රථයේ තත්වය එකඟ නොවීම හේතුවෙන් කැඳවීමේ ක්‍රියාවලිය  සිදුවන බවයි. 

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලාංකීය සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන අවස්ථා ඉහළ නංවමින් ඔස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය (Flinders University) සිය විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

Read More »

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »