
ඔස්ට්‍රේලියා නව රජය බලයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ වියදම් ජනතාවගේ දැනගැනීම සදහා ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව වැඩිම වියදම් දරා ඇත්තේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් බවයි සඳහන් වෙන්නේ.
ඔහුගේ වියදම ඩොලර් හය ලක්ෂ අසූ හතර දහස් හයසිය හැට පහක්. සභා නායකවරයා ගේ වියදම ඩොලර් ලක්ෂ 4 කට ආසන්න බවයි ප්‍රකාශයට පත්ව තිබෙන්නේ.

විපක්ෂ නායකවරයාගේ වියදම්, සමස්ත වියදම් අතර තුන්වන ස්ථානයේ පවතින බවත් එය ඩොලර් තුන්ලක්ෂ හැට තුන් දහසකට මදක් වැඩි බවත් සඳහන්.
මහජන නියෝජිතයන්ගේ වියදම් ප්‍රකාශයට පත්විය යුතු බවට බොහෝ මත පළව තිබුණා.

ඒ අනුව 2022 සිට වත්මන් රජය යටතේ වූ වියදම් විස්තරාත්මකව ඉදිරිපත් කර තිබෙනවා.