Search

උද්ධමනය පාලනයට පොලී අනුපාතික ඉහළ දැමීමේ සැලසුමක්

උද්ධමනය පාලනය කිරීම සඳහා තවදුරටත් බැංකු පොලී අනුපාතිකය ඉහළ දැමීමට සිදුවන බව ෆෙඩරල් සංචිත බැංකුව පවසනවා.

සංචිත බැංකු සමාජිකයින් පසුගියදා රැස්වු අතර උද්ධමනය පාලනය සඳහා රජය ප්‍රමාණවත් දායකත්වයක් ලබා නොදෙන බවට බොහෝ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ලවී තිබුණා.

දෙසැම්බර් මාසය තුළ බැංකු පොලී අනුපාතිකය 4.35ක ස්ථාවර අගයක පවත්වාගැනීමට අපේක්ෂා කරන අතර ඉදිරි මාස වල පොලි අනුපාතිකය සම්බන්ධ ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට නොහැකි බවයි ෆෙඩරල් බැංකුව නිවේදනය කර ඇත්තේ.

වත්මන් මිලකරණ අනුව ලබන වසරේ මාර්තු මස වන විට බැංකු පොලී අනුපාතිකය යම්තාක් දුරට පහත වැටීමක් සිදුවේ යැයි වෙළෙඳුන් අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ ඉදිරි වසර තුළ පොලි අනුපාතිකය තවදුරටත් ඉහළ දැමීමට ෆෙඩරල් බැංකුව සුදානම් බවයි.

උද්ධමනය පාලනය සඳහා රජය නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකරන බවයි ඡායා කැබිනට්ටුවේ මුදල් ඇමති ජේන් හියුම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »