ජැස්පර් නිසා ග්‍රේට් බැරියර් රීෆ් වෙත සුළු හානියක්

ජැස්පර් සුළි කුණාටුව සහ කාලගුණ විපර්යාස වලින් ග්‍රේට් බැරියර් රීෆ් වෙත සිදුව ඇත්තේ සුළු හානියක් බවයි, වාර්තා වෙන්නේ. 

සුළි කුනාටුව සහ දැඩි වර්ෂාවත්, ජලගැලීම් නිසාත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට හානි සිදු වුණා.

ග්‍රේට් බැරියර් රීෆ් වෙත සිදුවූ හානිය අධ්‍යයනය කිරීමට පියවර ගත් බවයි සංචාරක ක්ෂේත්‍ර ප්‍රධාන විධායක මාර්ක් ඔල්සන් පවසන්නේ. 

ඒ අනුව එහි ඡායාරූප ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කෙරුණු අතර සුන්දර ඡායාරූප රැසක් ඒ යටතේ ලබාගෙන ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

ඡායාරූප අධ්‍යයනයේදී හෙළිව ඇත්තේ ජැස්පර් සුළි කුණාටුව සහ ප්‍රචණ්ඩ වූ මුහුදු රළ හේතුවෙන් ග්‍රේට් බැරියර් රීෆ් වෙත සිදුව ඇත්තේ සුළු හානියක් බවයි.

 

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »