
පලස්තීන ආධාර ආධාරකරුවන් මාධ්‍ය ආයතන කිහිපයක් අබියස විරෝධතා වල නිරත වුණා.
මෙල්බන්හි “ ද ඒජ් ”, “ නයින් මෙල්බන් ”, සහ ඔස්ට්‍රේලියන් ෆයිනෑන්ෂල් රිවිව් කාර්යාල ඉදිරිපිට යි විරෝධතා සංවිධාන කර තිබී ඇත්තේ.
ඔවුන් කියාසිටියේ ජනමාධ්‍යවල නිහඬතාව හිංසන වැඩි කිරීමට හේතුවක් බවයි.

පලස්තීනය ගැන වාර්තා කිරීමේදී අපක්ෂපාතී, සාධාරණ, තොරතුරු සැඟවීමකින් තොර ක්‍රියා පිළිවෙතක් ඔස්ට්‍රේලියා මාධ්‍ය අනුගමනය කළ යුතු බව ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.
ඊශ්‍රායල අවශ්‍යතාව මත තොරතුරු වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා මාධ්‍ය පියවර ගන්නා බවටයි “ ෆ්‍රී පලස්තීන් මෙල්බර්න් ” සංවිධානය ට්විටර් පණිවිඩයක සටහන් කර තිබුණේ.

වික්ටෝරියා පොලිසිය විරෝධතාකරුවන් වෙත පැමිණිය ද එයට බාධා නොකළ බවයි සඳහන් වෙන්නේ.