
අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ ක්වීන්ස්ලන්ඩ් නිරීක්ෂණ සංචාරය අද ආරම්භවීමට නියමිතයි.
හෙට දිනයේත් ඔහු ක්වීන්ස්ලන්ඩ් හි රැඳී සිටීමටයි සැලසුම් කර ඇත්තේ.
නිරීක්ෂණ චාරිකාව සඳහා ක්වීන්ස්ලන්ඩ් අග්‍රාමාත්‍ය ස්ටීවන් මයිල්ස් ද එක්වනු ඇති.

ජැස්පර් සුළි කුණාටුවෙන් හා වසර සියයකට පසු ඇතිවූ විශාලතම ගංවතුරෙන් සිදුවූ හානිය නිරීක්ෂණය කිරීමයි අග්‍රාමාත්‍යවරයාගේ අරමුණ.
ප්‍රාන්තයට තවත් සහන සැලසීම කෙරෙහි ද අගමැතිවරයා අවධානය යොමු කර ඇතැයි සඳහන්.

විපතට පත්වුවන් සඳහා මූල්‍යාධාර ලබාදීමටද ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
මේ වනවිට ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූ වැඩිහිටියෙකු සඳහා ඔස්ට්‍රේලියා ඩොලර් දහසක් ගෙවීමට නියමිතයි.
ළමුන් සඳහා ලබාදෙන මුදල එක් අයෙකුට ඩොලර් හාරසියයක් බවත් සඳහන්.