Search

රතු මුහුදේ ආරක්ෂාවට මැදිහත් නොවීම ගැටලුවක් බවට චෝදනා

රතු මුහුදේ ආරක්ෂාව සඳහා මැදිහත් වන ලෙස ඇමෙරිකාව කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම ගැටලුවක් බවට ඔස්ට්‍රේලියා රජයට චෝදනා නැගෙනවා. 

නියෝජ්‍ය විපක්ෂ නායක සුසාන් ලේ කියා සිටින්නේ වත්මන් රජය ඇමෙරිකා ඉල්ලීම නොසලකා හැර ඇති බවයි. 

එය ඔස්ට්‍රේලියාව  ජාත්‍යන්තර වශයෙන්  අපකීර්තියට පත්වන ක්‍රියාවක් බවයි ඇය පෙන්වා දෙන්නෙ. 

ඔස්ට්‍රේලියාව සමග  දැඩි මිත්‍රත්වයක් ඇති ඇමෙරිකාවේ ඉල්ලීම ඉටු කිරීමට රජය අකමැති දැයි ප්‍රශ්න කරන ඇය, විමසන්නේ යුද නෞකාවක් රතු මුහුදට යැවීමට ඔස්ට්‍රේලියාවට හැකියාවක් නැති ද යන්නයි.

හූති ගරිල්ලන්ගේ ප්‍රහාර වැලැක්වීම සඳහා ඒකාබද්ධ ප්‍රයත්නයකට යුද නෞකාවක් ඒවා සහාය දක්වන්නැයි ඔස්ට්‍රේලියාවට ඉල්ලීමක් ඉදිරිපත් වුණා.

එහෙත් ඒ සම්බන්ධයෙන් ඇල්බනීස් රජයේ ස්ථාවරය මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත්වී නැහැ. 

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »