නෝදන් ටෙරිටරි ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් හෙට සිට ඉවත්වන බවයි, නටාෂා ෆයිල්ස් පවසන්නේ.
ඇය සෞඛ්‍ය අමාත්යධුරයේද වගකීම් දරන අතර, එයින් ද ඉවත්වන බවයි සඳහන්.
මූල්‍ය තත්ව හෙළි නොකිරීම සම්බන්ධ චෝදනා කිහිපයක් ඇයට එල්ල වූ අතර සමාගම් කොටස් හිමිව තිබීම සම්බන්ධ ගැටලුවක් ද මතුවුණා.
ඒ හේතුවෙන් ඇය ඉල්ලා අස් විය යුතු බවට, බලපෑම් සහ මත පළ වුණා.
එහෙත් ප්‍රධාන අමාත්‍යවරිය කියාසිටියේ කොටස් හිමිකම ගැන හෙළි නොකිරීම වරදක් වන අතර එය සිතා මතා සිදු නොකළ බවයි.
ජනතාව පාලකයන්ගෙන් ප්‍රතිපත්ති පවත්වා ගැනීමට අපේක්ෂා කරන අතර එය පවත්වා ගැනීමට නොහැකිවීම නිදහසට කරුණක් නොවන බව ඇය පෙන්වා දෙනවා.
ඒ අනුව හෙට සිට ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත්වීමටයි, ඇය තීරණය කර ඇත්තේ.