රිය අනතුරකින් එංගලන්තයේදී ලාංකිකයෙක් මිය යයි

මෝටර් රථයක් පොලිසිය විසින් ලුහු බැඳ යාමේදී, එම රථය පදිකයෙකු සමග ගැටීමෙන්, පදිකයා වන ශ්‍රී ලාංකික සිසුවෙක් එංගලන්තයේදී මිය ගොස් තිබෙනවා. 

ඔහු නොටින්හැම් ට්‍රෙන්ට් විශ්ව විද්‍යාලයයේ ඉගෙනුම ලබමින් සිටි බවයි සඳහන්.

රිය අනතුර සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ජනවාරි 12 වනදා, අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.

සැකකරුට එරෙහි චෝදනා හතරක් නොටින්හැම් පොලිසිය ඉදිරිපත් කර තිබෙනවා.

අනතුරුදායක රිය පැදවීමෙන් මරණයක් සිදුකිරීම, රක්ෂණ බලපත් නොමැතිවීම, මාර්ග අනතුරකින් පසු පළා යාම සහ විශ්ලේෂණ සඳහා නියදි ලබා නොදීම එම චෝදනා බවයි සඳහන්.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »