
රතු මුහුදේ යාත්‍රා කරන නැව්වලට හූති ගරිල්ලන් එල්ල කළ ප්‍රහාර ඔස්ට්‍රේලියා රජය හෙළා දැක තිබෙනවා.
ඒ යුරෝපා සංගමය සහ නේටෝ සංවිධානය සමග එක්වෙමින්.
එහෙත් මුහුදු කලාපයේ එකාබද්ධ මෙහෙයුමට ඔස්ට්‍රේලියාව මෙතෙක් එක්වී නැහැ.

රතු මුහුදට යුද නෞකාවක් යවන ලෙස ඇමරිකාව ඔස්ට්‍රේලියා රජයෙන් ඉල්ලා සිටි අතර, තවමත් ඔස්ට්‍රේලියාව ඒ සම්බන්ධ ස්ථාවරය ප්‍රකාශයට පත් කර නැහැ.
එහෙත්, රතු මුහුදේ දී නෞකාවලට හූති ගරිල්ලන් ප්‍රහාර එල්ල කිරීම හෙළා දකින බවයි රජය පවසන්නේ.
