රක්ෂණ වාරික වැඩි නොකිරීමට රජයේ මැදිහත්වීමක්

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරන වාරික මුදල සියයට 6කින් ඉහළ දැමීමට රක්ෂණ සමාගම් ගෙනා යෝජනාව සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අමාත්‍යවරයා සතු ව්‍යවස්ථාදායක බලතල යොදා ගනිමින් මෙම පියවර ගෙන ඇති අතර ෆෙඩරල් නීතිය යටතේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණහිමියන්ට සෑම වසරකට වරක් වාරික අගය වැඩි කිරීමේ හැකියාව පවතිනවා.

යෝජනා සම්මත කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුමැතිය අත්‍යාවශ්‍ය වන අතර අභිමතය පරිදි එම යෝජනා අත්හිටුවීමේ බලය ව්‍යවස්ථා ප්‍රකාරව සෞඛ්‍ය ඇමතිවරයාට හිමිවීම විශේෂත්වයක්.

යෝජිත වාරික අගය වැඩිකිරීම මහජන සුබසිද්ධියට තර්ජනයක් වන්නේ නම් හා එමගින් මහජනයාට යහපතක් සිදු නොවන්නේ නම් ඒ සඳහා අනුමැතිය ලබා දීම අත්හිටුවීමට අමාත්‍යවරයාට හැකියාව පවතිනවා.

පසුගිය නොවැම්බර් මස ඉදිරිපත් වු වාර්ෂික වාරික වැඩිකිරීමේ යෝජනා සාධාරන හෝ සමානුපාතික නොවන බවයි සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

අදාළ යෝජනා නැවත සලකා බලා ඉදිරිපත් කිරීම සඳහා ජනවාරි මස අවසානය දක්වා කාලය ලබා දී ඇති අතර මෙලෙස රක්ෂණ වාරික වැඩිකිරීම සම්බන්ධ යෝජනාවක් අවසන් වරට ප්‍රතික්ෂේප කර ඇත්තේ 2019 වසරේදීයි.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් මිලියන 15කට ආසන්න පිරිසක් පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයන්ගෙන් ප්‍රතිලාභ ලබන අතර රක්ෂණහිමියන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

 

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »