වික්ටෝරියා ව්‍යාපෘති පිරිවැය වාර්තාවක් විපක්ෂය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්ත රජය මගින් සිදුකෙරෙන ප්‍රධාන ව්‍යාපෘති සඳහා වන පිරිවැය සම්බන්ධයෙන් විපක්ෂය විගණකාධිපතිවරයාගෙන් සමාලෝචන වාර්තාවක් ඉල්ලා තිබෙනවා.

විපක්ෂය පෙන්වා දෙන්නේ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් ප්‍රමුඛ ආණ්ඩුව මගින් සිදු කරනු ලබන ඇතැම් ව්‍යාපෘති මගින් මූල්‍යමය නාස්තීන් සිදුවන්නේ දැයි දැනගැනීම ජනතාවට අයිතියක් පවතින බවයි.

මෑත කාලීනව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් කඩා වැටීම හේතුවෙන් සිදුව ඇති පාඩුව ඩොලර් බිලියන 38.8 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ සාමාලෝචකයක් සිදුකරන්නැයි විපක්ෂය විසින් ලිඛිතව විගණකාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව සඳහන්.

ඡායා කැබිණට්ටුවේ ප්‍රවාහන සහ යටිතල පහසුකම් අමාත්‍ය ඩේවිඩ් සවුත්වික් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන්ගේ වැරදි කළමණාකරණය හා නාස්තිය තවදුරටත් පවත්වාගෙන යැමට අවස්ථාව ලබාදිය නොහැකි බවයි.

ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩිම බදු ගෙවන්නන් බවට වික්ටෝරියානුවන් පත්ව ඇති අතර පුද්ගලයකු වාර්ෂිකව ඩොලර් 5000ක බදු මුදලකට යටත් බව සඳහන්.

වසර මැද අයවැය එළිදැක්වීමත් සමග භාණ්ඩාගාරික ටිම් පැලස් සඳහන් කළේ 2026 සහ 2027 වසර වන විට වික්ටෝරියාවේ ශුද්ධ ණය ඩොලර් බිලියන 177.8 දක්වා ඉහළ යන බවයි.

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

Read More »

අවුරුදු ගීතයක් විකෘති කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ අලුත් අවුරුදු ගීතයක් විකෘත කිරීමේ චෝදනා මත සුරාබදු නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Read More »

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »