ඔස්ට්‍රේලියා අගමැති හෙට, අනිද්දා ක්වීන්ස්ලන්ඩ්වල

හෙට සහ අනිද්දා දෙදින තුළ ක්වීන්ස්ලන්ඩ් නිරීක්ෂණ සංචාරයට එක්වන බවයි ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කරන්නේ. 

නිරීක්ෂණ චාරිකාව සඳහා ක්වීන්ස්ලන්ඩ් අග්‍රාමාත්‍ය ස්ටීවන් මයිල්ස් ද එක්වනු ඇති. 

විපතට පත්වුවන් සඳහා මූල්‍යාධාර ලබාදීමටද ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. 

අද පස්වරු දෙකේ සිට ඒ  සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අයහපත් කාලගුණයෙන් ම පීඩාවට පත්වූ වැඩිහිටියෙකු සඳහා ඔස්ට්‍රේලියා ඩොලර්  දහසක් ගෙවීමට නියමිතයි. 

ළමුන් සඳහා ලබාදෙන මුදල එක් අයෙකුට ඩොලර් හාරසියයක් බවත් සඳහන්.

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »