කාලගුණය කෙරෙහි ඔස්ට්‍රේලියා රජයේ විශ්වාසය

කාලගුණ විද්‍යා කාර්යාංශය කෙරෙහි රජයේ පූර්ණ විශ්වාසය ඇති බවයි ආපදා කළමනාකරණ අමාත්‍ය මරේ වොට් පවසන්නෙ.

පසුගිය පැය 24  විවිධ දේශපාලන නියෝජිතයන් කාලගුණ කාර්යාංශය පිළිබඳව අදහස් පලකර තිබෙනවා.

ඉන් වැඩි සංඛ්‍යාවක් කාර්යාංශයට එරෙහි චෝදනා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එහෙත් ක්වීන්ස්ලන්ඩ් ආපදා තත්ත්වය අනපේක්ෂිත කාලගුණික සිදුවීමක් බවයි, ඔහුගේ අදහස.

නවීනතම උපකරණ සහ තාක්ෂණය යොදාගනිමින් කාලගුණ කාර්යාංශය උපරිම සේවය, නිවැරදිව සලසන බවයි ඔහු අවධාරණය කළේ.

ඒ නිසා රජයේ උපරිම විශ්වාසය කාර්යාංශය වෙත ඇතැයි, ආපදා කළමනාකරණ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »