Search

ඔස්ට්‍රේලියාවේ රිය අනතුරු වලින් මිය යන සංඛ්‍යාව ඉහළට

ඔස්ට්‍රේලියාවේ රිය අනතුරු වලින් මිය යන සංඛ්‍යාව අවධානයට ගතයුතු ලෙස වැඩිවී ඇතැයි මාර්ග ආරක්ෂණය පිළිබඳ ඔස්ට්‍රේලියා ආයතනය පවසනවා.

දෙදහස් විස්සේ ඔක්තෝබර් මාසය වනතුරු මිය යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඩුවී තිබූ බවයි සඳහන්.

එහෙත් කොවිඩ් සමයෙන් පසු මාර්ග අනතුරුවලින් මිය යන සංඛ්‍යාව සියයට හතකින් පමණ වැඩි වී ඇති බවයි ආයතන ප්‍රධාන විධායක ඉන්ග්‍රිට් ජොන්ස්ටන් පෙන්වා දෙන්නේ. 

එය කඩිනමින් අවධානයට ලක්විය යුතු යි තත්ත්වයක් බවයි ඔහුගේ අදහස.

මෙල්බන් විශ්ව විද්‍යාලයය සඳහන් කරන්නේ මාර්ගවල ධාවනයට එක්ව ඇති මෝටර් රථ සංඛ්‍යාව වැඩි වී ඇති බවයි. 

පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් විශාල පිරිසක් ඉවත්වී තිබෙනවා. ඔවුන් මේ වන විට මෝටර් රථ භාවිත කරන බවයි සහකාර මහාචාර්ය ජේසන් තොම්සන් පෙන්වා දෙන්නේ. 

අනතුරු වැඩිවීමට එයත් හේතුවක් වී තිබෙනවා. 

 

කෙසේ වෙතත් රිය අනතුරු අවම කිරීමට පොලිසිය ඇතුළු වගකිවයුතු සියලු පාර්ශ්ව මැදිහත් විය යුතු බවටයි ඔහු නිර්දේශ කරන්නේ.