IPL හිදී දිල්ෂාන් මදුශංකට ඉන්දීය රුපියල් කෝටි හතරක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුශංක ඉන්දීය රුපියල් කෝටි හතරයි දශම හයකට මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කළා.

පසුගිය තරගාවලිවලදී දිල්ෂාන් මදුශංක දැක්වූ දක්ෂතා මත පදනම්ව ඔහුට එවැනි වටිනාකමක් හිමිව ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ.

වෙන්දේසියේදී වනිදු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් විසින් මිලදී ගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි එක හමාරකට.

ශ්‍රී ලංකාවේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් වෙන්දේසි නොවීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් හට හිමිවූ මුදල ඉන්දීය රුපියල් කෝටි 24 යි දශම 7 යි 5 ක්.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »