Search

කැන්බරා ඝාතනයට ශ්‍රී ලාංකික සුපවේදියකු අත්අඩංගුවට

කැන්බරා සත්වෝද්‍යානයේ කාන්තාවක ඝාතනයට සම්බන්ධ බවට සැකපිට ශ්‍රී ලාංකික සුපවේදියකු වන ජූඩ් විජේසිංහ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ කැම්බල් රෝහ‍ලේ ප්‍රතිකාර ලබන බවයි සඳහන් වන්නේ.

ඔහු විසින් ඔහුට තුවාල සිදුකරගෙන තිබීම නිසා රෝහල්ගත කළ බවයි පොලිසිය පවසන්නේ.

කැන්බරා සත්වෝද්‍යානයේ මුළුතැන්ගේ ආශ්‍රිත ගබඩා කාමරයක් අසල තිබී කාන්තාවගේ මළ සිරුර සොයා ගත්තා.

පිහි ඇනුම් තුවාල සිරුරෙහි පවතින බවයි පොලිසිය පවසන්නේ.

මනුෂ්‍ය ඝාතන චෝදනාවක් නිසා විසි නව හැවිරිදි සැකකරුට ඇප ලබාදීමේ හැකියාවක් නැහැ.

ඔහු අප්‍රේල් හතරවනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබෙන්නේ.

ඝාතනයට ලක් වූ කාන්තාව සහ සැකකාර ජූඩ් විජේසිංහ එකට සේවය කර ඇති බවත් සඳහන්.

කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය මෙතෙක් සිදුකර නැහැ.

එහෙත් පොලිසිය කියා සිටින්නේ පිහි ඇනුම් හේතුවෙන් ඇය මිය යන්නට ඇති බවයි.

ඝාතනයට යොදාගත් බවට සැක කෙරෙන පිහියද සොයාගෙන තිබෙනවා.

ආගන්තුක සත්කාර සම්බන්ධයෙන් වසර කිහිපයක් ජූඩ් විජේසිංහ මෙල්බන්හිදී අධ්‍යාපනය ලබා ඇති බවත් සඳහන්.

කාන්තාව ඝාතනය හේතුවෙන් කැන්බරා සත්වෝද්‍යානය ද වසා දැමුණා.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »