සංක්‍රමණ නව ප්‍රතිසංස්කරණවලින් අංශ කිහිපයකට වාසි

ඔස්ට්‍රේලියා සංක්‍රමණ උපාය මාර්ගය පද්ධතියට නව ප්‍රතිසංස්කරණ කිහිපයක් ෆෙඩරල් රජය විසින් හඳුන්වා දී තිබෙනවා.

අනාගත අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම ප්‍රතිසංස්කරන හඳුන්වා දී ඇති අතර ජනතාවට, ව්‍යාපාරයන්ට, රාජ්‍යයට මෙන්ම සංක්‍රමණිකයින්ට ද එමගින් වාසි අත්වනු ඇති.

සංක්‍රමණිකයින් මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් වන අතර ඔස්ට්‍රේලියානුවන්ගෙන් හරි අඩක් වෙනත් සම්භවයන්ගෙන් පැවත එන බව හඳුනාගෙන තිබෙනවා.

නව උපාය මාර්ගික ප්‍රතිසංස්කරණ යටතේ මූලික අරමුණු පහක් ඉදිරිපත් කර ඇති අතර එම අරමුණු ඉටු කර ගැනීම සඳහා ප්‍රධාන ක්‍රියාමාර්ග 8ක් ඉදිරිපත් කර තිබීම ද විශේෂත්වයක්.

ගෝලීය දක්ෂතාවයක්ගෙන් පරිපුර්ණ ඉලක්කගත නිපුණතා සංක්‍රමණිකයන් සඳහා නව ක්‍රියා මාර්ග හඳුන්වා දීම,ජාත්‍යන්තර අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන ප්‍රමිතින් හඳුන්වා දීම, ශ්‍රම සුරාකෑම පාලනය කරමින් වැටුප් සහ ආරක්ෂණ කොන්දේසි පුලුල් කිරීම එහි මූලික අරමුණු වනවා.

මේ අතර පුහුණු ශ්‍රමිකයන් සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දිම සහ කොවිඩ් වසංගතයට පෙර පැවති සංක්‍රමණ සැළසුම් කෙරෙහි අවධානය යොමු කරමින් නව ප්‍රතිසංස්කරන ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »

කවුරුත් නොදන්න වෛරස් ආසාදනයක් ගැන දැනුවත් කිරීමක්

වේදනාකාරී කුෂ්ට ඇතිකරන වෛරස් ආසාදනයක් වන ශිංගල්ස් (Shingles) පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ගේ දැනුවත්භාවය අවම බව නවතම සමීක්ෂණයකදී හෙළිව තිබෙනවා.

Read More »