
ඊශ්‍රායලය සමග සම්බන්ධතා පිළිබඳව අවධානය යොමු කරන්නැයි දේශපාලනඥයන් දෙසියකට වැඩි පිරිසක් ඔස්ට්‍රේලියා රජයට දැනුම් දීමටයි පියවර ගත්තෙ.
වත්මන් සහ හිටපු දේශපාලනඥයන් ඒ සම්බන්ධ ලිපියකට අත්සන් තැබූ බවයි වාර්තා වෙන්නේ.
ඒ අතර ලිබරල්, ලේබර් සහ ග්‍රීන් පක්ෂයේ සාමාජිකයන් ද සිටිනවා.

හිටපු විදේශ අමාත්‍යවරුන් දෙදෙනෙකුද ලිපියට අත්සන් තබා ඇති බවයි සඳහන්.
භයානක සහ තවදුරටත් ඉවසා සිටිය නොහැකි තර්ජනාත්මක පරිසරයක, ඊශ්‍රායල සහ පලස්තීන වැසියන් මෙන්ම සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවම ගැටලුවකට ලක්ව ඇති බවයි ලිපියෙන් පෙන්වා දී තිබෙන්නේ.

එවැනි තත්වයකදී ඊශ්‍රායලය සමග පවතින සම්බන්ධතා පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි, දේශපාලනඥයන්ගේ අදහසයි.
ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පසුගිය සතියේ අවධාරණය කළේ ගාසාහි තිරසර සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
ප්‍රකාශයෙන් ඔබ්බට ගොස් එය ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් විය යුතු බවයි, ලිපියට අත්සන් තැබූ දේශපාලනඥයන්ගේ අදහස.