Search

ක්වීන්ස්ලන්ඩ් හරිතාගාර වායු 75% කින් අඩු කරන සැලසුම්

2035 වසර වන විට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හරිතාගාර වායු විමෝචනය සියයට 75කින් අඩු කරන බව ප්‍රාන්ත අගමැති ස්ටීවන් මයිල්ස් පවසනවා.

2005 වසරේ සිට 2023 වන තෙක් එම මට්ටම සියයට 30කින් පහළ දැමීමට ප්‍රාන්ත රජය සැළසුම් කර තිබුණ ද එම තත්වය තවදුරටත් වර්ධනය කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

නව ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රාන්ත රජය කටයුතු කරමින් පවතින අතර මෙහි අතුරු ප්‍රතිඵලයන් සම්බන්ධයෙන් විචාරකයින්ගේ විවේචනයට ද ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් විචාරකයින් පෙන්වා දෙන්නේ ප්‍රාන්ත රාජ්‍යයේ ඒක පාර්ශවීය ඉලක්ක සපුරා ගැනීමට යෑම බරපතල තත්වයක් වන බවයි.

විමෝචන ඉලක්ක වැඩි දියුණු කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය ගත් තීරණය නිසි ක්‍රමවේදයකින් තොරව ක්‍රියාත්මක කිරීමේන් බරපතල හානි සිදුවිය හැකි බවයි Ai සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක විලොක්ස් සඳහන් කර ඇත්තේ.

 

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »