
ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ මිල මේ වසරේදී වාර්තාගත ලෙස වැඩිවී තිබෙනවා.
ප්‍රොප්ට්‍රැක්, දේපළ විශ්ලේෂණ ඒකකය කියාසිටියේ, නිවාස සඳහා ඇතිවූ ඉල්ලුම, මිල වැඩිවීමට හේතු වූ බවයි.
එහෙත් ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල නිවාස හා දේපළ මිල සැලකිය යුතු ලෙස අඩුවී තිබෙන බවයි ප්‍රොප්ට්‍රැක් වාර්තාවේ දැක්වෙන්නේ.

එය සියයට දහයේ සිට සියයට 14 ක පරාසයේ පවතිනවා.
ග්‍රාමීය නිවාස සහ දේපළවලට තිබූ ඉල්ලුම අඩුවීම, මිල පහත වැටීමට හේතුව බවයි, ප්‍රොප්ට්‍රැක් අධ්‍යයනයෙන් හෙළිව තිබෙන්නේ.
