
ඔස්ට්‍රේලියාව සමග ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තුර්කි ගුවන් සේවය සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ගුවන් සේවය ඉදිරිපත් කළ යෝජනාවට ඔස්ට්‍රේලියා ප්‍රවාහන අමාත්‍යවරිය අනුමැතිය ලබා දී ඇති තිබෙනවා.
ඒ අනුව වසර 2025 වනවිට තුර්කි ගුවන් සේවය, ඔස්ට්‍රේලියාව වෙත සහ ඔස්ට්‍රේලියාවේ සිට සතියකට ගමන්වාර 35 ක් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන් සහ පර්ත් සිට එම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමයි තුර්කි ගුවන් සේවයේ අපේක්ෂාව.
මීට පෙර කටාර් ගුවන් සේවය ද ඔස්ට්‍රේලියාවට ගමන් වාර වැඩි කිරීමේ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා.

එහෙත් ප්‍රවාහන අමාත්‍යවරිය එය අනුමත කිරීම ප්‍රතික්ෂේප කළා.
ඒ සම්බන්ධව රජයට චෝදනා නැගුණු බවත් සඳහන්.