Search

බොක්සින් දින ටෙස්ට් ක්‍රිකට් තරගයට ඔස්ට්‍රේලියාව වෙනස්කමකින් තොරව

බොක්සින් දිනයේදී ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වෙනස්කමකින් තොරව ක්‍රීඩා කිරීමටයි ඔස්ට්‍රේලියාව සැලසුම් කර ඇත්තේ.

පාකිස්ථානයට එරෙහි තරගය මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ. 

දෙරට අතර පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු තුන්සිය හැටක ජයක් ලබා ගැනීමට සමත් වුණා.

 ඒ අනුව වෙනස්කමකින් තොරව දෙවන තරගයටත් ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියාව සැලසුම් කර තිබෙනවා. 

 ස්කොට් බෝලන්ඩ් හෝ  ලාන්ස් මොරිස් කණ්ඩායමට ඇතුළත් නොවනු ඇති. 

ලාන්ස් මොරිස් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් වරම් දිනාගනු ඇතැයි මත පලව තිබුණා.

 

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »