
ආසියාන්-ඕස්ට්‍රේලියා සබඳතාවලට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ප්‍රධාන සමුලුවක් ලබන වසරේ මාර්තු මස මෙල්බන්හි පැවැත්විමට නියමිතයි.
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය සාමාජික රාජ්‍යයන් 9ක රාජ්‍ය නායකයින් මේ සඳහා සහභාගිවීමට නියමිත අතර ඉන්දුනීසියාව,සිංගප්පූරුව සහ කාම්බෝජය ද ඒ අතර වනවා.
අවසන් වරට මෙවැනි සමුලුවක් ඔස්ට්‍රේලියාවේ පැවැත්වුනේ 2018 වසරේ වන අතර මෙවර සමුලුව රාජ්‍යය තාන්ත්‍රික සබඳතා වලට වඩාත් වැදගත් වනු ඇති.

අග්නිදිග ආසියානු කලාපීය රාජ්‍යයන් සමග පවතින සහයෝගය තීව්‍ර කර ගැනීම මෙවර සමුලුවේ අරමුණයි.
ආරක්ෂක සබඳතා පුලුල් කර ගැනීම, ආර්ථික සහයෝගිතාව වැඩි දියුණු කිරීම, කාලාපීය ආරක්ෂාවට තර්ජනයක් වන ගැටලු හඳුනා ගැනීම ඇතුලු කලාපය තුළ ශීඝ්‍ර වර්ධනයක් සිදු කිරීමට අදාළ යෝජනා මෙහිදි සාකච්ඡා වනු ඇති.

කලාපීය වෙළඳාම වැඩි දියුණු කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ගෙනා උපායමාර්ගික යෝජනා ද මෙහිදි අවධානයට යොමු කිරීමට නියමිතයි.