වික්ටෝරියාහි පාසැල් පිරිසිදු කරන්නන් නීති ක්‍රියාමාර්ග සැලසුමක

වික්ටෝරියාහි පාසැල් පිරිසිදු කරන්නන් සඳහා නිවාඩු දින සඳහා වූ ගෙවීම් සිදු නොකිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටයි වෘත්තීය සංවිධානය අවධාරණය කරන්නේ.

සේවා ලබා ගැනීමේ කොන්ත්‍රාත් ලබාදීම වෙනස් කිරීමත් සමග මෙම තත්ත්වය උද්ගතව තිබෙනවා.

මෙතෙක් පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව තිබුණේ අයිඑස් අයිඑස් නම් ආයතනයකට. 

එහි කොන්ත්‍රාත් සමය බ්‍රහස්පතින්දා අවසන් වී ඇති බවයි වාර්තා වන්නේ. 

නව කොන්ත්‍රාත්කරුවන් සේවා ආරම්භ කරන්නේ ජනවාරි මාසයේ සිට වීම නිසා පිරිසිදු කරන්නන් හත්සියයකට පමණ නිවාඩු දීමනා නොලැබෙන බවයි සඳහන් වෙන්නේ.

ඔවුන්ට සහන සැලසීමට ක්‍රියා රජයද මැදිහත් විය යුතු බව යි යුනයිටඩ් වර්කර්ස් යූනියන් පෙන්වා දෙන්නේ.

එසේ නොවුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි ඔවුන්ගේ අපේක්ෂාව.

 

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »