
ඔස්ට්‍රේලියා ගෘහස්ථ හිංසන සම්බන්ධයෙන් තාක්ෂණික ක්‍රමවේද යටතේ තොරතුරු රැස්කිරීමේ සැළසුමක් ඇතැයි සඳහන්.
නිවාස වලින් සියයට විසිපහක පමණ ස්මාට් ශබ්ද විකාශන උපකරණ භාවිත කරන බවයි හෙළිව තිබෙන්නේ.
ඒවායෙන් තොරතුරු රැස්කිරීමේ තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කළ හැකි බව සඳහන්.

එහෙත් මොනෑෂ් විශ්ව විද්‍යාලය කියා සිටින්නේ ඉන් සදාචාරාත්මක ගැටලු ඇතිවිය හැකි බවයි.
ඒ හේතුවෙන් නිවසක් ඇතුළත සිදුවන විවිධ තත්ත්ව අධ්‍යයනය කළ හැකි කෘතිම බුද්ධිය සහිත ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි විශ්ව විද්‍යාල විශේෂඥයන්ගේ අදහස වී තිබෙන්නේ.

හඬ නැගීම්, නළා ශබ්ද, පිපිරීම්, වෙඩි හඬ සහ වීදුරු බිඳීම් ආදී ශබ්ද හඳුනාගත හැකි මෘදුකාංගයක් නිපදවිය යුතු බවටයි යෝජනා කෙරෙන්නේ.
ගෘහස්ථ හිංසනය ඔස්ට්‍රේලියාවේ ගැටලුවක් බවට පත් වෙමින් තිබෙන බවද වාර්තා වෙනවා.
නව ක්‍රමවේද හඳුන්වා දීමෙන් ඒවා අවම කළ හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.