Search

බටහිර ඔස්ට්‍රේලියාවේ ලුණු සහිත විල් රෝස පැහැයට

දේශගුණික විපර්යාස හේතුවෙන් බටහිර ඔස්ට්‍රේලියාවේ ලුණු සහිත විල් රෝස පැහැයට හැරී තිබෙනවා.

විශේෂඥයින් පවසන්නේ පවතින උණුසුම් කාළගුණික තත්වය හේතුවෙන් තවදුරටත් රෝස පැහැගන්නා අතර අනෙක් විල් සිඳීයෑමේ අවදානමක් පවතින බවයි.

මෙලෙස විල් සිඳියෑමෙන් වන සතුන්ට වන බලපෑම ඉහළ වන අතර අදාළ විල් සංරක්ෂණය කිරිම කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් රෝස විල් හේතුවෙන් සෑම වසරකම මෙම කාලය බටහිර ඔස්ට්‍රේලියාව සංචාරක ආකර්ෂණය අතින් ඉහළ යනු ඇති.

ලුණු ලේවායන්හි පවතින ලවණතාව හේතුවෙන් මෙලෙස රෝස පැහැයක් ගන්නා අතර උෂ්ණත්වය ඉහළයෑම සහ අඩු වර්ෂාපතනය ද මිට බලපානු ලබනවා.

විශේෂයෙන් ඒ ආශ්‍රිත ජීවත් වන ක්ෂද්‍ර ජීවි විශේෂයන්ට මෙන්ම සංචාරක පක්ෂීන්ට සිදුවන බලපෑම ඉහළ වන බවයි විශේෂඥයින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

 

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »