කොවිඩ් ඇමතුම් ක්‍රියා විරහිත කිරීම සම්බන්ධයෙන් රජයට චෝදනා

කොවිඩ් තොරතුරු සම්බන්ධ ක්ෂණික ඇමතුම් අංකය ක්‍රියා විරහිත කිරීම සම්බන්ධයෙන් ෆෙඩරල් රජයට අංශ කිහිපයකින් චෝදනා නැගෙන බවයි වාර්තා වෙන්නේ. 

මහජනතාවට හෝ සෞඛ්‍ය විශේෂඥයන්ට ඒ පිළිබඳව දැනුම් දීමක් කර නැති බවටයි රජයට චෝදනා නැගෙන්නෙ. 

පසුගිය මාසයේ සිට කොවිඩ් රෝගීන් වාර්තා වීම දක් වැඩි වී තිබෙන්නේ උත්සව සමයට එළඹීම නිසා බවයි විශ්වාස කෙරෙන්නේ. 

එවැනි තත්ත්වයකදී ක්ෂණික ඇමතුම් අංකය වසා දැමීම ගැටළු රැසක් මතු කරන බවයි, නිව් සවුත් වේල්ස් හි, ඔස්ට්‍රේලියා වෛද්‍ය සංගමයේ සභාපති මයිකල් බොනින්ග් පවසන්නේ. 

එහෙත් රජය කියා සිටින්නේ ක්ෂණික ඇමතුම් අංකයට තිබූ ඉල්ලුම අඩුවී ඇති බවයි. 

පසුගිය ජනවාරි සිට ජුනි දක්වා මාසයකට සාමාන්‍යයෙන් ඇමතුම් දහ අටදහසක් ලැබී ඇතැයි සඳහන්. 

එහෙත් ජූලි සිට නොවැම්බර් තෙක් ලැබෙන ඇමතුම් සංඛ්‍යාව අඩුවී ඇති බවයි රජය පෙන්වා දෙන්නේ.

එවැනි තත්ත්වයකදී තවදුරටත් ක්ෂණික ඇමතුම් සේවයක් පවත්වා නොගත යුතු බවයි රජයේ අදහස.

 

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »