
පලස්තීන ආධාරකරුවන්ගේ විරෝධතාවක් නිසා පෝට්මෙල්බර්න් හි මාර්ග කිහිපයක අවහිරතා මතුව ඇති බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කරන්නේ.
ඇතැම් පිරිස් මාර්ගයේ වාඩි වී තමන්ගේ අදහස් ප්‍රකාශ කරන බවත් සඳහන්.
ඒ නිසා රථ වාහන විකල්ප මාර්ගවලින් ධාවනය කරවීමට සැලැස්වූ බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

ගාසා තීරයට එල්ල කෙරෙන ප්‍රහාර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ රජය අවධානය යොමු කළ යුතු බව විරෝධතාකරුවන් අවධාරණය කරනවා.
පලස්තීන ධජ සහ විවිධ වැකි රැගත් පුවරුද අතැතිව සාමකාමීව ඔවුන් විරෝධතාවයේ නිරත වන බවත් පොලිසිය පෙන්වා දී ඇති බවයි සඳහන් වන්නේ.

පෙරවරු පහයි තිහට පමණ විරෝධතා ආරම්භ වූ බවයි පොලිසිය කියාසිටියේ.