
ඔස්ට්‍රේලියා නිෂ්පාදනවලට එරෙහි චීන තහනම ලබන වසරේදී සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙනු ඇතැයි විශ්වාස කරන බවයි වෙළඳ අමාත්‍ය ඩොන් ෆැරල් පවසන්නේ.
ඔස්ට්‍රේලියාවේ වයින් වලට එරෙහි තහනම ලබන වසරේ මුල් භාගයේදී අවසන් වනු ඇතැයි ද ඔහු පෙන්වා දී තිබෙනවා.
එය දෙපාර්ශවයෙහි වෙළඳ සම්බන්ධතා නැවත යථා තත්ත්වයට පත් කිරීමේ අවසන් අදියර බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේදී ඕස්ට්‍රේලියාවට එරෙහි වෙළඳ බාධක තුනක් ඉවත් කිරීමටයි චීනය පියවර ගත්තේ.
චීනය සමග සම්බන්ධතා ශක්තිමත් වීමට එය දැනටමත් හේතුවී තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් චීන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක නිරත වුණේ, පසුගිය මාසයේදී.
ඉන්පසු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කාලගුණ විපර්යාස, වීසා නිකුත් කිරීම සහ ව්‍යාපාරික සම්බන්ධතා පිළිබඳව යහපත් හා ඵලදායී අදහස් හුවමාරු වූ බවයි.
නව තීරණයත් සමග ගල් අඟුරු, වයින්, ගව මස්, බාර්ලි සහ පොකිරිස්සන් වැනි නිෂ්පාදන චීනයට යැවීමෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 20 ක් ඉපයීමට ඕස්ට්‍රේලියාවට හැකි බවයි සඳහන් වෙන්නේ.