
අධික උෂ්ණත්වය සහිත කාලගුණය මාර්තු මාසයේ වන තෙක් ඔස්ට්‍රේලියාවට බලපෑම් කරන බවයි, කාලගුණ කාර්යාංශය පවසන්නෙ.
අසාමාන්‍ය උණුසුම් තත්ත්වයක් පරිසරයේ ඇතිවන අතර වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය ද වැඩිවන බවයි සඳහන් වෙන්නේ.
අධික උෂ්ණත්වය නිසා බොහෝ පිරිසක් හදිසි රෝගාබාධවලට ලක්වීමේ ඉඩකඩක් පවතිනවා.

ඒ පිළිබඳව ජනතාව අවධානය යොමු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.
වෙනත් ස්වාභාවික උපද්‍රව වලට වඩා, උෂ්ණත්වය වැඩිවීම නිසා මරණ වාර්තා වන බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

මේ අතර කාලගුණ පර්යේෂකයන් සඳහන් කරන්නේ, අධික උෂ්ණත්වයට මුහුණ දිය හැකි මිනිස් සමාජ නිර්මාණය කළ යුතු බවයි.
උෂ්ණත්වය වැඩිවීම, පවතින පරිසර තත්ව යටතේ සාමාන්‍ය බවද පර්යේෂකයන් පෙන්වා දී ඇති බවයි වාර්තා වෙන්නේ.