දරුවන්ට ඩොලර් මිලියන සියයක්

ඔස්ට්‍රේලියාවේ සියලු දරුවන්ට සෞඛ්‍ය පහසුකම් සමානව ලබාදීම අතිශය වැදගත් බවයි හම්ටි ඩම්ටි පදනම සඳහන් කරන්නේ.

එහි නිර්මාතෘ පෝල් ෆ්‍රැන්සිස් කියා සිටින්නේ මේ වන විට සෑම වසරකදීම දරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් වෛද්‍ය උපකරණ පන්සියයකට වැඩි සංඛ්‍යාවක් රෝහල් වෙත ලබාදෙන බවයි.

ඒ සඳහා බොහෝ පිරිසක් ආධාර කරන බවයි ඔහු පවසන්නේ.

පදනම බිහිකර වසර තිහක පමණ කාලයක් ගත වී තිබෙන අතර මේ වන විට ඔස්ට්‍රේලියාවේ රෝහල් පන්සියයකට පමණ, විවිධ ආබාධ වලින් දරුවන්ගේ දිවි ගලවා ගත හැකි අත්‍යාවශ්‍ය උපකරණ ලබා දී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ සඳහා දායකයන් මේවන විට ඩොලර් මිලියන සියයකට වැඩි සංඛ්‍යාවක් වැය කර ඇති බවද වාර්තා වෙනවා.

දරුවන් කුමන ස්ථානයක ජීවත් වුවද සියලු සෞඛ්‍ය පහසුකම් හිමි විය යුතු බවයි පොල් ෆ්‍රැන්සිස් පෙන්වාදෙන්නේ.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »