නත්තල් සමයේදී ඔස්ට්‍රේලියාවේ වැඩි පිරිසක් ආර්ථික අර්බුදවලට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.
නත්තල් තෑගි සහ ආහාර ද්‍රව්‍ය සඳහා දරන වියදම සියයට හැට හයකට වැඩි පිරිසක් අඩුකර ඇත ඇතැයි හෙළිව තිබෙනවා.
නිවාඩු සමයේදී විවිධ චාරිකාවල නිරතවීම ඔස්ට්‍රේලියා ජාතිකයන්ගේ සාමාන්‍ය පුරුද්දක්ව පැවැති බවයි සඳහන් වෙන්නේ.
එහෙත් මෙවර සියයට පනහකින් විනෝද චාරිකා අඩුවී ඇති බව විශ්වාස කෙරෙනවා.
පොලී අනුපාතික වැඩිවීම, විදුලි බිල ඉහළ යාම, රක්ෂණ වියදම් ආදිය නිසා උත්සව සමයේ වියදම් කිරීමට ජනතාව වෙත මුදල් ඉතිරි නොවන බවයි වැඩ බලන විපක්‍ෂනායක සුසාන් ලී කියා සිටින්නේ.