
හමාස් සංවිධානයෙන් කාන්තාවන්ට එල්ලවන තර්ජන වලට එරෙහි රැලියක්, යුදෙව් ජනතාවගේ සහභාගීත්වයෙන් සිඩ්නිහි ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් උද්‍යානයේ පැවැත්වුණා.
ඔවුන් කියා සිටියේ හමාස් සංවිධානයෙන් එල්ලවන විවිධ තර්ජන සහ බලපෑම් කෙරෙහි ඔස්ට්‍රේලියාවේ අවධානය යොමු විය යුතු බවයි.
කාන්තාවන්ට එරෙහිව ලිංගික හිංසන ඇතුළු බොහෝ ගැටලු මතු කිරීමට හමාස් සටන්කාමීන් ක්‍රියාකර ඇතැයි උද්‍යානයට එක්වූ යුදෙව් ජාතිකයන් පෙන්වා දී තිබෙනවා.

රැළියට සම්බන්ධ වූ යේ පිරිසගේ අදහස් වලට අවධානය යොමු කළ, නගර බලධාරීන් පවසා ඇත්තේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන එක්ව හමාස් සටන්කාමීන්ගේ ක්‍රියා පිළිවෙත හෙළා දැකිය යුතු බවයි.
කාන්තාවන්ට එරෙහි හිංසන නැවැත්වීමට සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සෑම පාර්ශවයකම වගකීම බව ඇල්ෆ්‍රඩ් පාක් අයත් නගර කලාපයේ උප නගරාධිපතිවරිය ප්‍රකාශ කළ බවත් සඳහන්.
