
පොදු ප්‍රවාහන සේවාවල විවිධ අපරාධවලට සම්බන්ධ හැත්තෑ අට දෙනකු අත්අඩංගුවට ගත් බවයි නිව් සවුත් වේල්ස් පොලීසිය පවසන්නේ.
නත්තලට පෙර, දින දෙකක විශේෂ වැටලීමක් ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක කළේ, පොලිස් නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙන්.
එහිදී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය සමත් වුණේ.

නීති විරෝධී අවි ආයුධ ළඟ තබා ගත් පුද්ගලයන් කිහිප දෙනෙකුද අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් වාර්තා සඳහන් කරන්නේ.
ව්‍යාපාරික ස්ථානවලට තර්ජනය කළ පුද්ගලයෙකු සහ ක්‍රීඩා භාණ්ඩ සොරාගත් අයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීමේදී අත්අඩංගුවට ගනු ලැබූ සියලු සැකකරුවන් අධිකරණය වෙත හෙට දිනයේ දී ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.