Search

සමාජ විරෝධී හැසිරීම් නිසා ක්‍රිකට් නරඹන්නන් ඉවතට

ඔස්ට්‍රේලියා පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නරඹන්නන් කිහිපදෙනෙකු ඉවත් කරනු ලැබූවේ, සමාජ විරෝධී හැසිරීම් නිසා බවයි ඔප්ටස් ක්‍රීඩාංගණ බලධාරීන් පවසන්නේ.

තරගයේ හතරවන දිනයේදී කිහිපදෙනෙකු ට ඉවත් කිරීමට පියවර ගත් බව සඳහන්.

ඊට පෙර ඔවුන් පලස්තීනයට සහාය දක්වමින් විශාල බැනරයක් ප්‍රදර්ශනය කරමින් තිබූ බවයි සඳහන් වෙන්නේ.

දිගින් මීටර් පහකට වැඩිවූ එහි උස්මාන් කවාජා සිය පාවහන් වල සටහන් කිරීමට සූදානම් වූ සියලු ජීවිත සමානයි යන්න සහ නිදහස යනු මානව හිමිකම් යනුවෙන්ද සටහන් කර තිබූ බවයි, ඔප්ටස් ක්‍රීඩාංගණ බළධාරීන් පෙන්වා දෙන්නේ.

බැනරය ඉවත් කර ඇත්තේ ක්‍රීඩාංගනයකට ඇතුළු වීම සඳහා වූ ඔස්ට්‍රේලියා ක්‍රිකට් නීති රීති හා කොන්දේසි අනුවයි.

බැනරය ප්‍රදර්ශනය කළ ප්‍රේක්ෂකයන් පලස්තීනයට සහාය දැක්වීමේ වැකි හඬ නගා ප්‍රකාශ කළ බවද වාර්තා වී තිබෙනවා. 

 

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »