Search

අඛණ්ඩ වැසිවලින් ක්වීන්ස්ලන්ඩ් උතුරු ප්‍රදේශයට දැඩි බලපෑමක්

අඛණ්ඩව ලැබෙන වැසි හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් උතුරු ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

නිවාස රැසක් ජලයෙන් යටවී තිබීම නිසා ඒවායෙහි පදිංචිකරුවන් කඩිනමින් ඉවත් කිරීමටයි පියවර ගැනුනේ.

මහා මාර්ග රැසක් ජලයෙන් යටව තිබෙන අතර ප්‍රදේශ කිහිපයක් හුදෙකලා වී ඇතැයි ද  සඳහන්.

ඇතැම් ප්‍රදේශවලට පැය හයක් ඇතුළත මිලිමීටර් 400ක  වර්ෂාවක් ලැබී ඇති බවයි කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.

පැය විසි හතරක වර්ෂාපතනය අඩි තුන ඉක්මවා තිබෙන බවත් වාර්තා වෙනවා.

කේන්ස් ගුවන් තොටුපළ වසා දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ.

එය දින කිහිපයක් ඇතුළත දෙවන වතාවටත් ජලයෙන් යට වී ඇති අතර ඇතැම් ගුවන් යානා ද ජලයට යටවී ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »