නේදන් ලයන් ටෙස්ට් කඩුලු 500

කඩුලු පන්සියයක් දවාගත් ඔස්ට්‍රේලියාවේ තුන්වන ක්‍රීඩකයා බවට පත්වීමට නේදන් ලයන් සමත් වුණේ, පාකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී. 

තරගය ලකුණු 360 කින් ඔස්ට්‍රේලියාව ජයගත්තේ තවත් දිනයක් ඉතිරිව තිබියදී.

නේදන් ලයන් ඔහුගේ 500 වන කඩුල්ල ලෙස දවාගත්තේ, පාකිස්ථාන පිතිකරු ෆාහිම් අෂ්රෆ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින්.

ඒ සමග වෙනුවෙන් ටෙස්ට් කඩුලු පන්සියයක් දවාගත් තුන්වන ක්‍රීඩකයා බවටයි නේදන් ලයන් පත්ව තිබෙන්නේ.

මීට පෙර ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු පන්සියේ සීමාව පසුකර ඇත්තේ ෂේන් වෝන් සහ ග්ලේන් මැක්ග්‍රාත් පමණයි.

ටෙස්ට් කඩුලු පන්සියයේ සීමාවට ළඟා වූ ලෝකයේ අටවැනි ක්‍රීඩකයා ලෙසත් නේදන් ලයන් ඉතිහාසගත වූ බවයි සඳහන් වෙන්නේ.

පාකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඔස්ට්‍රේලියාව ජය ගත්තේ පාකිස්ථාන දෙවන ඉනිම ලකුණු අසූ නවයකට සීමා කරමින්.

දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය බොක්සින් දිනයේදී මෙල්බන් හිදී ආරම්භ වීමට නියමිතවයි, තිබෙන්නේ. 

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »