Search

හොබාට් මුහුදු යාත්‍රා තරගයට ලාංකිකයෙක්

සිඩ්නි සිට හොබාට දක්වා මුහුදු යාත්‍රා තරගාවලියේදී මෙතෙක් කිසිදු මුහුදු යාත්‍රා අත්දැකීමක් නොමැති හතර දෙනකු තරග වැදීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ඒ ලෝකනෙක්ට් යාත්‍රාව සමග එක්වී බවයි සඳහන් වෙන්නෙ.

පසුගිය වසර තුනේදී මෙම තරගාවලියේ දෙවන වේගවත්ම යාත්‍රාව බවට පත්වීමට ලෝකනෙක්ට් යාත්‍රාවට හැකිව ඇති බව සඳහන්.

මුහුදු යාත්‍රා තරගයේ දුර නාවික සැතපුම් 628 ක්. තරගාවලි ඉතිහාසයේ මුහුදේ යාත්‍රාකරන ලද අත්දැකීම් නොමැති හතර දෙනකු තරගාවලියට එක්වන ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වීමට නියමිතයි.

වෙනී යාප්, එළන් හොවාඩ්, පෝල් කිම්බර් සහ යෙහාන් ගුණරත්න යාත්‍රා පැදවීමේ කණ්ඩායම නියෝජනය කරන ආධුනිකයන් හතරදෙනා බවයි වාර්තා වෙන්නේ.

අත්දැකීම් බහුල ක්‍රිස්ටියන් බෙක් ගේ නායකත්වය යටතේ, තරගයේදී ඔවුන් විවිධ පැවරුණු කාර්යයන්වල නිරත වනු ඇති.

රුවල් සැකසීම, ඡායාරූප ගැනීම, කෝපි සැකසීම, ආහාර සැකසීම ආදිය ඒ අතර වන බවයි සඳහන් වෙන්නේ.

ලබන 25 තෙක් ඔවුන් හතර දෙනා ලෝකනෙක්ට් කණ්ඩායම සමග පුහුණු වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

අන්තර්ජාල ආරක්ෂණ ක්ෂේත්‍රයේ සේවය කරන යෙහාන්, මෙම තරගයේදී සජීවව තොරතුරු ගෙන ඒමට නියමිතයි.

ඔහු කියාසිටියේ, ඔස්ට්‍රේලියාවේ හොබාට් සුප්‍රසිද්ධ මුහුදු යාත්‍රා තරගයට එක්වීම ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක් බවයි.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »

ඔස්ට්‍රේලියාවට එන ආසියානු සංචාරකයින් බීමතින් හැසිරෙන බවට චෝදනා

ජාත්‍යන්තර ගුවන් ගමන් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන මොහෝ සංචාරකයින් මත්පැන් පානය කර කළහාකාරීව හැසිරීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බව Australian Border Force පවසනවා. ABF උප කොමසාරිස්

Read More »