
ඔස්ට්‍රේලියාවේ ණය ගනුදෙනුකරුවන්ට ලබන වසරේදී පොලී සහනයක් හිමිවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
ඇමරිකාවේ උද්ධමනය පාලනයත් සමග ඔස්ට්‍රේලියාවේද පොලී අනුපාතික අඩුකරනු ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව ණයගැතියන්ට සහන හිමිවීමේ වැඩි ඉඩකඩක් ඇතැයි ආර්ථික විද්‍යාඥ ක්‍රිස් රිචර්ඩ්සන් පෙන්වා දෙනවා.

උද්ධමන ලෝකයේ සියලු රටවලට බලපෑ අතර, ඇමරිකාව එහි ප්‍රධානතම බලපෑමට හසුවුණා.
ඔස්ට්‍රේලියා ජනතාව ද පීඩාවට පත්වූ අතර ඇමරිකාව මෙන්ම ඔස්ට්‍රේලියා රජය ද ජනතාවට සහන සලසනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
