
එළවළු හා පලතුරු ආහාරයට ප්‍රමාණවත්ව එක් කර නොගන්නා ඔස්ට්‍රේලියා ළමුන් සංඛ්‍යාව වැඩිවී ඇති බවයි නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙන්නේ.
ඔස්ට්‍රේලියා සංඛ්‍යාලේඛන කාර්යාංශය කියාසිටින්නේ 2022 තෙක් වසර පහක කාලයක දී පලතුරු ප්‍රමාණවත්ව ආහාරයට ගන්නා ළමුන් සියයට 9 කින් අඩුවී ඇති බවයි.
එළවළු ආහාරයට එක් කර ගැනීමට ද ළමුන් කැමැත්තක් නොදක්වන අතර, ප්‍රමාණවත්ව එළවළු ආහාරයට ගන්නේ ළමුන්ගෙන් සියයට 5 ක් බවයි හෙළිව ඇත්තේ.

මෙම තත්ව සමග ළමුන් අතර තරබාරු බව වැඩිවෙමින් පවතින බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
පැණි බීම, ගුණයක් නොමැති සකස් කළ ආහාර ආදිය අලෙවි කිරීමේ ප්‍රචාරණ උපක්‍රම වලට ළමුන් ද ගොදුරුවීම එළවළු හා පලතුරු භාවිතය අඩුවීමට හේතුවක් බවත් සඳහන්.
