අයවැය හිඟය පියවා ගැනීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගැනීමට රජය සැලසුම් කර ඇතැයි වික්ටෝරියා ප්‍රාන්ත භාණ්ඩාගාරික අමාත්‍ය ටිම් පලස් පෙන්වා දෙනවා.
ආර්ථිකය සංවර්ධනය කිරීම ඒ සඳහා අතිශය වැදගත් වන අතර ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දීමටයි සැලසුම් කර ඇත්තේ.
නිවැරදි මූල්‍ය මෙහෙයුම් මගින් මුදල් අතිරික්තයක් පවත්වා ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.
ඒ යටතේ ආර්ථිකය පළමු අදියරේදී ස්ථාවර කර ගැනීම අපේක්ෂාව බවයි භාණ්ඩාගාරික අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ස්ථාවර ආර්ථිකයකදී අයවැය හිඟය පියවා ගත හැකි බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ශුද්ධ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 180ක් දක්වා ඉදිරි වසර කිහිපයේදී වැඩි වනු ඇතැයි සඳහන්.
අක්‍රමවත් මූල්‍ය පරිපාලනය ඊට හේතු වී ඇති බවටයි චෝදනා නැගෙන්නේ.
එහෙත් වික්ටෝරියා අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් කියා සිටියේ ක්‍රියාත්මක කළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා වැඩි මුදලක් යෙද වූ බවයි.