
රතු මුහුදේ යාත්‍රා කරන වාණිජ නෞකාවලට ආරක්ෂාව සැපයීමේ ඒකාබද්ධ මෙහෙයුමට සූදානම් බවයි ඔස්ට්‍රේලියා නාවික හමුදාව පවසන්නේ.
හූති ගරිල්ලන්ගේ තර්ජන හමුවේ ජාත්‍යන්තර නෞකාවලට රතු මුහුදේදී ආරක්ෂාව සැපයීම අර්බුදයක් වී ඇති බව සඳහන් කළ ඇමරිකාව මුහුදු ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා මැදිහත් වන්නැයි ජාත්‍යන්තර ප්‍රජාව ගෙන් ඉල්ලා සිටියේ දින කිහිපයකට කලින්.
ඊට ඔස්ට්‍රේලියා රජය ද එකඟතාව පළකර ඇති බව සඳහන් වූ අතර ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් කියා සිටියේ ඔස්ට්‍රේලියාවට ආසන්න කලාපයෙහි ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශය යෙදවීමට සූදානම් බවයි.

ඊට ඔස්ට්‍රේලියා නාවික හමුදාවේ අවධානය යොමු වූ අතර නාවික හමුදා ප්‍රධානී රියර් අද්මිරාල් ක්‍රිස්ටෝපර් ස්මිත් කියා සිටියේ ඉදිරි ඕනෑම මෙහෙයුමකට නාවික හමුදාව සූදානමින් සිටින බවයි.
අවසන් තීරණය ගත යුත්තේ රජය බවද ඔස්ට්‍රේලියා නාවික හමුදාව සතුව බලවත් යුද නෞකා සහ පුහුණු නාවිකයන් සිටින බවද ඕනෑම අභියෝගයකට මුහුණ දීමට රස්ට්‍රේලියා නාවික හමුදාවට හැකියාව පවතින බවද නාවික හමුදාපතිවරයා පෙන්වා දී තිබෙනවා.
