Search

සියලු ගල් අඟුරු බලාගාර වසා දැමීමට සැලසුම්

ඉදිරි වසර 15 ඇතුලත සියලු ගල් අඟුරු බලාගාර වසා දැමීමටයි ඔස්ට්‍රේලියාව සැලසුම් කර තිබෙන්නේ.

ඒවා පවත්වාගෙන යාම ගැටළු රැසකට හේතුව බවයි ඔස්ට්‍රේලියා බලශක්ති  මෙහෙයුම්කරුවන් සඳහන් කරන්නේ.

ගල් අඟුරු බලාගාර ආශ්‍රිත මෙහෙයුම් වියදම් වැඩි වී තිබෙනවා.

පුනර්ජනනීය බලශක්තිය සමඟ තරග කිරීමටද සිදුව ඇති බවයි බලශක්ති මෙහෙයුම්කරුවන් පෙන්වා දෙන්නේ.

පරිසර දූෂණය පිළිබඳව ද දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

එවැනි තත්ත්ව මත දෙදහස් තිස් අට වන විට සියලු ගල් අඟුරු බලාගාර වසා දැමීමට ඔස්ට්‍රේලියාව සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වල ගල් අඟුරු බලාගාර වසර දහයක් ඇතුළත සම්පූර්ණයෙන්ම වසා දැමීමට නියමිතයි.

කෙසේ වෙතත් විකල්ප බලශක්ති ප්‍රවර්ධනයේදී අතිරේක වියදමක් දැරීමට රජයට සිදුවනු ඇතැයි මත පළව තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනාගාරවල සිට ප්‍රධාන පද්ධතිය සඳහා විදුලිය ගෙන ඒමට අතිරේක රැහැන් වලින් මාර්ග කිලෝ මීටර් දසදහසක් පමණ  ඉදිකිරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

වත්මන් ඔස්ට්‍රේලියා රජය කියා සිටින්නේ වසර දෙදහස් තිහ වනවිට රටේ විදුලි සැපයුමෙන් සියයට අසූ දෙකක් පුනර්ජනනීය බලශක්තියෙන් සම්පූර්ණ කරගත යුතු බවයි.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »